නා නා විධ චරිතයන්ගෙන් හෙබි සමාජ වටපිටාවක, ගැමි නාටක ප්‍රස්තුතය ඒ සමාජ චරිත ජීවමාන කරනුයේ සහෘද සිත් මත හාස්‍ය, උපහාසය මනාව ගැබ් කරමින්ය. නාට්‍යානුසාරිව චරිත විදහා දක්වන මේ ගැමි නාටක,
සොකරි
කෝළම්
ලෙස ද්විත්වාකාරය. වෙරළාසන්න ප්‍රදේශ ඒකරාශී කොට ව්‍යාප්ත වූ සොකරි ගැමි නාටකය සහෘද නෙත් සිත් සොරා ගත්තේ එක් චරිතයකට අනුකම්පාවත් තවත් චරිතයක් කෙරේ වෛරය, ක්‍රෝධය නැතහොත් හාස්‍ය හා උපහාසය ගෙනහැර පාමිනි.
"සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට පාද තබන්නී...."
සොකරිය සබයට පිවිසෙයි. පුරුෂයෙක් කාන්තාවකට ආරූඪ කොට අඟ පසඟ පවා කාන්තා ආභාෂය ලබා දෙමින් කාන්තාවගේ ක්‍රියාපිළිවෙත් ඉදිරිපත් කරනුයේ නරඹන කතකගේ පවා ගත මත හිරිකඩු ඉතිරි කරවමින්ය. කතකගේ වගතුග මනාව හෙළි කරනු ලබන සොකරි චරිතය තත්කාලීන ගැහැනියකගේ එක් ජවනිකාවක් ඉදිරිපත් කරයි. නාටක සබයට විනෝදාස්වාදය ද, දින ගණනක් මුළුල්ලේ අව්ව, වැස්ස හා මහ පොළොව සමඟ හරිහරියේ පොර බැඳී ගොවි රජාගේ දහඩිය මහන්සිය ශූන්‍ය කිරීමට හැකිවනු නොඅනුමානය.
ගැමි නාටක තුළ හාස්‍යයක් මෙන්ම සානුකම්පිත දෘෂ්ටිය හෙලනුයේ හාස්‍යෝත්පාදක නැතිනම් විකට චරිත කෙරෙහි ම ය. තත්කාලීන සමාජයේ චාරිත හා සබැඳි සොකරියේ සොත්තාගේ චරිතය යම් වත්මන් චරිතයන්ට පණ පොවයි. සොකරිය මානව චරිතයේ කැඩපතකි.
සමාජයේ 'මල කෝළම්' යන වචනය නිරායාසයෙන් ම භාවිතා වන වචනයකි. මෙය කෝළම් නාටකය හමුවේ පැවත එන්නක් බැව් කෝළම් චරිතයන්හි ගැබ් වූ විකාර ගති ලක්ෂණ මනාව සාක්ෂි දරයි. වෙස්මුහුණු අතර තම මුහුණ සඟවා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව චරිත පණගන්වනුයේ, චරිතයෙන් චරිතයට මනා සාධාරණයක් කරමින් මෙන්ම තත්කාලීන මානව සමාජයේ යම් චරිත ලක්ෂණ ඉස්මතු කරමින් ය. මුදලි, ආරච්චි, ජසලෙන්චිනා, නොංචි කෝළම කෙරේ වේශය ඔබ්බවා වත්මන් මානව චරිත ජීවමාන ව වසන වග හාස්‍යජනකව ගෙන හැර පායි.
''දොංත ගතම් දොංත ගති ගතම්
තත් රෙගතම් තත් රෙගති ගතම්''
වැරහැලි ශරීරයේ ගමනක අසීරුතාව යක්බෙර හඬ එලෙස හෙළිදරව්වක දී 'නොංචි අක්කා' කෝළම් චරිතය සබයට පිවිසෙයි. 'අක්කා' යනු තරුණ යැයි සිතිය හැකි ඇමතීමක් වන අතරම එලෙස හිත්,ඔලු උදුම්මවාගත් වයෝවෘද්ධ කාන්තාවකගේ චරිතය 'නොංචි අක්කා' ජීවමාන කරනු ලැබේ. අසීමාන්තික ප්‍රේමයක වගතුග හෙළිකරන 'නොංචි-පනික්කල' කෝළම සමාජයීය පෙම්වතුන්ට ආදර්ශමත් වනු නොඅනුමානය. රජවාසලේ අණබෙරකරු වන ඇගේ ස්වාමියා අධික සුරා සූදුවෙන් නියැලෙන ස්ත්‍රීලෝලී පුරුෂයෙකි. එනමුදු ඇයට තම සැමියා උත්තමයෙකි.
"මේ ගම් පියසේ හේනෙ මාමලා
කොච්චර හිටියත් මං වගේ වෙන නැත.."
ජසයා සභාගත වේ. ලෙන්චිනා පුරංසිනා මැදි කරගත් මේ ජස චරිතය ඔහුගේ භාර්යාවන් හමුවේ විස්තර වනුයේ , යස රුවට කොරල හැඩි තලගොයකු ට ඔහුව සම කරමිනි. බල පුළුවන් කාරයන් මත නැහෙන චරිතයක් වුවත් තම ඔළුව උදුම්මවා ගෙන ඇත්තේ තත්කාලීන මෙවන් මානව සමාජයේ ස්වභාවය ගෙන හැර දක්වමින් ය.
නර්තනය හා සබැඳි ගැමි නාටක චරිත තත්කාලීන සමාජ චරිත සඳහා පණ පොවනුයේ ආදර්ශමත් ඉදිරියකට මඟ විවර කරවමිනි.
No comments:
Post a Comment